ශ්රී ලංකාවේ 70 වන නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ නිදහස් කුසලාන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සදහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද එක් වී සිටියේය.
ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති තරංජිත් සින්ග් සන්ධු මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීමට එක්ව සිටියහ.
අවසන් තරගයේදී බංග්ලාදේශය පරදමින් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගත්තේය.