Colombo Today Local News

“ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවන්න බෑ” – අධිකරණ සංවිධාන සංශෝධන පනතට හිටපු ජනපතිගේ විරෝධය

විශේෂ අධිකරණ පිහිටුවීම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එක් එක් ඇමතිවරුන්ට අවශ්‍ය පරිදි අධිකරණ පිහිටුවීමට ඉඩ ලබාදිය නොහැකි බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (17) කොළඹ බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ගොඩගැසී ඇති අපරාධ නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීමට අදාල අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මේ සඳහා දැඩි විරෝධය පළකර ඇති අතර විශේෂ අධිකරණ පිහිටුවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් කිහිපයක් ද ඉදිරිපත්ව තිබේ. මීට අමතරව අදාල පෙත්සම්වලට අතරමැදි ලෙස මැදිහත්වීම සඳහා පාර්ශ්ව 14 ක් පමණ පෙත්සම් ගොනුකර ඇත.

පෙත්සම්කරුවන් බහුතරයක් පෙන්වා දෙන්නේ විශේෂ මහාධිකරණ පිහිටුවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි. විශේෂ මහාධිකරණ යනුවෙන් අධිකරණ වර්ගයක් නොමැති බවත පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පවසයි.

Related posts

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

පුත්තලම මුස්ලිම් පාසලේ ගුරුවරයාට පහරදුන් සිසුන් ට ඇප

Admin

සමාජ මාධ්‍යයෙන් කාන්තාවන්ට මඩ ප්‍රහාර එල්ලකරන්නන් ගැන වැඩි අවදානයක්

colombotoday

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

colombotoday

“සඟරුවනට නීති දාන්න රජයට බලයක්‌ නෑ.. මේ පනත භික්‍ෂු සමාජයට ඉතා අහිතකරයි !”

colombotoday

ගුවන්තොටුපළට අමුත්තන් ඇතුළුකර ගැනීම නවත්වයි !

colombotoday