ඊයේ පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටින් මහතා විශිෂ්ඨ ජයක් ලබාගෙන නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්ව තිබේ.
පුටින් විසින් ලබා ගෙන ඇති ඡන්ද ප්‍රතිශතය 76.63%ක් බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
ගිය වර පැවති ජනාධිපති මැතිරවණයේදී ලද ප්රතිශතයටත් වඩා වැඩි ඡුන්ද ප්‍රතිශතයක් පුටින් විසින් මෙවර වාර්තා කර ඇති අතර ඔහු රුසියානු නායකත්වයට පත්වන්නේ සිවුවැනි වතාවටයි.
ඔහු සමග තරග අනෙක් අපේක්ෂකයා ලබා ගෙන ඇත්තේ 11.84%ක් පමණි.
ව්ලැදිමීර් පුටින් ලෝකය හමුවේ රුසියානු අභිමානය ගොඩනගා ජාතිය දෙපයින් සිටවූයේ යයි වූ බලවත් විශ්වාසයක් එරට ජනතාව තුල වෙයි.