Colombo Today Local News

කැනඩාවේ ලාංකික බෞද්ධ විහාරස්ථානයක බුදු පිළිමය කඩා දමයි…

කැනඩාවේ – ඔටාවා නුවර හිල්ඩා ජයවර්ධනාරාමය බෞද්ධ ආශ්‍රමයේ තැන්පත් කර තිබූ සමාධි බුද්ධ ප්‍රතිමාවක හිස සිඳීමේ සිද්ධියක් පිළිබඳව ඔටාවා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (16) අලුයම් කාලයේ ආශ්‍රමය වෙත පැමිණි බැතිමතුන් එහි උද්‍යානයේ තිබූ බුද්ධ ප්‍රතිමාවට හානිකර තිබූ අයුරු දැක තිබෙනවා.

එය ඊට පෙර දින රාත්‍රී 9.30 ත් උදෑසන 7.30 ත් අතර කාලය තුළ සිදුව ඇති බවටයි පොලීසිය විශ්වාස පළ කරන්නේ.

කෙසේ නමුත්, මෙය වෛරී අපරාධකාරි ක්‍රියාවක් බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බව කැනඩාවේ පුවත්පත් වාර්තා කර ඇත්තේ.

එහෙත්, ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ඔටාවා පොලීසිය හදිසි ඇමතුම් අංක පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Related posts

විශ්වාසභංගය රජය ප්‍රතික්ෂේප කරනවා – අගමැති

Admin

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය බිඳ වැටීමේ පළිගැනීමයි – වසර 5කට පසු ISIS ලොක්කා නැවතත් කරළියට

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

යෞවන කටයුතු අගමැති රනිල්ට…

colombotoday

නාමල් ශ්‍රීලනිපයෙන් නෙරපන්න.. මධ්‍යම කාරක සභාවට යෝජනාවක් !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday