Colombo Today Local News

රාජ්‍ය ආයතන විකුණන්නම පාර්ලිමේන්තු පනතකින් විශේෂ උපදේශක සභාවක් එයි !

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජයට නිර්දේශ නිකුත් කිරීමට හා එම ක්‍රියාවලිය පවත්වාගෙන යාම වෙනුවෙන් පාර්ලිමේන්තු පනතක් මගින් රාජ්‍ය ව්‍යවසාය මණ්ඩලයක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

පාඩු ලබන ගුවන් සේවාවන්, පාඩු ලබන රාජ්‍ය වතු, ඌන උපයෝගිතා කර්මාන්ත හා අකාර්යක්ෂම හා අලාභ ලබන රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් රජය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා මෙම මණ්ඩලයට වගකීම් පැවරෙමින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙම මණ්ඩලයට මේ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත පුද්ගලයන් පත් කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

රාජ්‍ය ව්‍යවසායේ කළමනාකාරීත්වය වෙනස් විය යුත්තේ කුමනාකාරයෙන්ද, එම ආයතනවල අයිතිය තබා ගෙන කළමනාකාරීත්වය වෙනත් පාර්ශ්වයට දෙනවාද, එසේ දෙන්නේ නම් කුමන කාලයකටද, ආයෝජනයේ වටිනාකම කොපමණද යනාදී කාරණා ගැන මෙම කමිටුව තීරණය කරනු ඇත.

ඉතා ඉක්මනින් මෙම මණ්ඩලය පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඇමතිවරයා සඳහන් කළේය.

Related posts

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත ධූරයෙන් ඉවත් කරයි

colombotoday

ක‍්‍රිකට් පාවාදීම ටොං පචයක්- සජිත්

colombotoday

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක්.. පාසල් දරුවන් දහසකට කොරෝනා – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday