රට පුරා ප්රකාශයට පත් කර ඇති හදිසි තත්වය වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් ඊයේ රාත්රියේ අත්සන් තැබූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා සදහන් කරයි.
මහනුරව ප්රදේශයේ ඇති වූ කලහකාරී තත්වය මත ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවනු ලැබුවේ පසුගිය 06 වැනිදා සිට දින දහයක කාලයක් බලපැවැත්වෙන ලෙසයි.