ජපානයේ නිල සංචාරයක යේදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් 13දා ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී සිදුවිය.
මෙම අවස්ථාවට ජපානයේ සුකුබා විහාරයේ ආගමික වැඩසටහනක් සදහා සහභාගී වීමට ගොස් සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද එම විහාරාධිපති හිමියන් සමග සහභාගී වී සිටියහ.
අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව ඥාණසාර හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම පසුගිය දා ඉවත් කිරීමට අධිකරණය නියෝග කළේය.