Colombo Today Local News

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

2020 ශි‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේ ජයග‍්‍රාහි කිරුළ පැළඳූ අවස්ථාවේ,වත්මන් ලෝක විවාහක රූ රැජින එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගත් තරගකාරියට පැළදුවේ යැයි ප‍්‍රවීණ නිරූපිකාවක අද (5)දින අලූයම කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළාය.

තමාට පැළඳු කිරුළ මෙලෙස බලහත්කාරයෙන් වෙනත් තරගකාරිනයකට පැළඳුවේ යැයි රූ රැජින තරගය නිමාවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිය මාපියන් සමග අද අලූයම 2.00 ට පමණ කුරුඳුවත්ත පොලිසියට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

සිද්ධියට මුල් වු බව කියන ලෝක විවාහක රූ රැජින ඇතුලූ පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඇය අද පස්වරුවේ කුරුදුවත්ත පොලිසිය කැදවා ඇතැයි ද පොලිසිය කියයි.

Related posts

දිස්ත්‍රික්ක නවයක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

ශ්‍රී ලංකන් බර තවත් දරන්න බෑ.. තුන් මසක් ඇතුළත වෙන රටකට දී බරෙන් නිදහස් වෙනවා

colombotoday

කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

Admin

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday