Colombo Today Local News

ශ්‍රී ලන්කන් ඇමරිකාවේ ටීපීජී ගුවන් සමාගමට විකුනනවා – නි. ඇමැති පාස්ටර් එරාන් වික්‍රමසිංහ කියයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇමෙරිකාවේ ටී. පී. ජී. ගුවන් සමාගමට විකිණීමට රජය තීරණය කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.එම සමාගම 1992 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරන අවස්‌ථාවේදී ද ඉල්ලුම් කර තිබූ බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා ඒ මොහොතේ එවකට පැවැති රජය එමිරේට්‌ස්‌ ගුවන් සමාගමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවරූ බව කීවේය.

ටී. පී. ජී. ගුවන් සමාගම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම හා කිසිදු සම්බන්ධතාවක්‌ නැති අතර ඔවුන් පිළිගත් ගුවන් සමාගමක්‌ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ විකිණීම සම්බන්ධව රජය විසින් පත් කළ කමිටුවක්‌ මගින් ටී. පී. ජී. සමාගම සමඟ සාකච්ඡා පවත්වා ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම එම සමාගමට විකිණීමට පියවර ගන්නා බවත් එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

හෙතෙම මෙම අදහස්‌ පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08 වැනිදා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

කුළු හරක් 12 දෙනෙකු බේරාගත් නියෝජ්‍ය ඇමතිගේ මෙහෙයුම – වීඩියෝ සහිතයි

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

එස්.බී. ට අලුත් ආණ්ඩුවේ තවත් පට්ටමක්…

colombotoday

තවත් ඇමතිකම් 6කට ජනපති නම් ඉල්ලයි…

colombotoday

සීඅයිඩීය පර්පචුවල් ප්‍රධාන කාර්යාලය වටලයි – බැඳුම්කරයේ රහස්‌ ලිපි රැසක්‌ සොයා ගනී

colombotoday

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday