Colombo Today Local News

සමයං ඝාතනයේ මොළකරු මධුෂ් අත්අඩංගුවට

පාතාල නායක සමයං ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් මෙතෙක් පොලිසිය සොයමින් සිටි මධුෂ් නමැත්තා පොලිසිය මඟින් ‍ඊයේ (09) රාත්‍රියේදී දික්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සමයං ඝාතනයේ තවත් ප්‍රධාන සැකකරුවකු වූ එම ඝාතනයේ සැලසුම සකස් කළ බව කියන අංගොඩ ‍ලොක්කා නමැති පාතාල නායකයා සමඟ එක්ව සමයං ඝාතනය කළේ යැයි ඊයේ අත්අඩංගුවට ගත් මධුෂ් සොයා ‍ෙපොලිසිය දැවැන්ත මෙහෙයුමක් සිදුකළේය.

එහිදී මෙම සැකකරු දික්වැල්ල ප්‍රදේශයේදී කොටුකර ගැනීමට හැකිවී තිබිණි.

මොහු දකුණේ පාතාල කල්ලි නායකයා වශයෙන් විවිධ අපරාධ කරමින් සිට හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය ඩැනී හිත්තැටිය මහතාද ඝාතනය කර අනතුරුව විදෙස් රටකට පලා ගොස් සිටින බව පොලිස් බුද්ධි අංශවලින් අනාවරණය කරගෙන තිබිණි.

පසුව සමයං ඝාතනය කිරීම සඳහා මොහු අංගොඩ ලොක්කා සමඟ එක්ව සකස් කළ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඩුබායි රටේ සිට මෙරටට පැමිණ ඇති බව සමයං ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබිණි.

මොහු ඊයේ අත්අඩංගුවට ගත් පසු තමා මධුෂ් නමැත්තා නොවන බවත් වෙනත් අයකු බවත් පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

මොහු මධුෂ් බවට සහතික කෙරෙන ආකාරයේ තොරතුරු ලැබී තිබුණ නමුත් මොහු දකුණේ පාතාල අපරාධකරු වූ මධුෂ්ද යන්න හෙළිකර ගැනීම සඳහා දිගින් දිගටම මොහුගෙන් ප්‍රශ්න කෙරෙමින් පැවතිණි.

සමයං ඝාතනයේ සෙසු ඝාතන කණ්ඩායම සහ සෙසු පාතාල අපරාධකරුවන් කවුද යන්න මේ වනවිට පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගෙන අවසන්ව තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

Related posts

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කළ 41ක් අත්අඩංගුවට

colombotoday

කුකුළු මස් ආනයනයට අවසර දෙන්න තීරණයක්

Admin

පල්ලිවලින් අත්අඩංගුවට ගත් කඩු,පිහි,පොරෝ නීතියට පිටින් පල්ලිවලටම ආපසු දීලා

colombotoday

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

දූෂිත නරේන්ද්‍ර සිල්වාට ලංකා විදුලි සමාගමේ වැඩබලන සාමාන්‍යාධිකාරී ලෙස උසස්වීමක්

colombotoday