Colombo Today Local News

කටුනායක ගුවන් තොටත් කොටස් වශයෙන් විකිණෙයි…

මේ වනවිට ටෙන්ඩර් කැඳවමින් කටුනායක ගුවන් තොටුපළේ එක් එක් ආයතන පුද්ගලික අංශය වෙත පවරමිත් තිබෙන බව වාර්තා වේ.

මීට පෙර ගුවන්තොටුපළට අයත්ව තිබූ ඉන්ධන පිරවුම්හල අබාන්ස් සමාගමට පැවරූ අතර මේ වනවිට ගුවන්තොටුපළට අයත් රථගාල් තුනද පුද්ගලික අංශයට පැවරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී ගුවන් තොටුපළ රථගාල් තුනද පුද්ගලික අංශය විසින් පාලනය කරනු ලැබේ.

දැනට එම රථගාල් තුන පාලනය කරන සේවකයන් ඉදිරියේදී කාර්යාල කටයුතු සඳහා අනියුක්ත කිරීමට නියමිත අතර එහි කටයුතු සඳහා පුද්ගලික අංශය මගින් සේවකයන් යොදවනු ඇත.

රථගාලේ පාලන කටයුතු භාරව සිටි සේවකයන් කාර්යාල කටයුතු සඳහා අනියුක්ත කිරීමෙන් පසු ඇතිවන අතිරික්තය මගහරවා ගැනීම සඳහා සේවා කාලය අවසන් වී සේවකයන් විශ්‍රාමයන පිළිවෙල අනුව ඒ ඒ ස්ථාන වෙත අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති අතර මේ හේතුවෙන් කලක් යනතුරු ගුවන්තොටුපළ නව බඳවා ගැනීම්ද නතර වේ.

ගුවන්තොටුපළ සේවකයන් සඳහන් කරන්නේ ඉදිරියේදී ගුවන්තොටුපළට අයති තවත් අංශ කිහිපයක්ම පුද්ගලික අංශට විකුනාදැමීම සඳහා මේ වනවිටත් අදාළ පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවයි.

ලංකාටෘෘත්

Related posts

ජනපතිගේ දිනක වියදම කෝටිය පනී.. අධ්‍යාපනයට බාගෙට බාගයක් කප්පාදුයි !

colombotoday

බුදුගුණ බලයෙන් ආශීර්වාද ලැබූ ගෝඨාභය නාමයෝජනා දෙන්න ගිය හැටි

colombotoday

ඇමති මන්ඩලේ දිවුරුම් දෙයි…

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

Admin

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

ඡායාරූපයේ කතාව !

colombotoday