Colombo Today Local News

සමාජ ජාල තහනම අරක්කු බොන නිසා වීදුරු කැඩුව වගේ වැඩක් !

ආරක්ෂක අංශයේ නිර්දේශයකට අනුව පැය 72කට පැනවූ සමාජ මාධ්‍ය ජාල තහනම අරක්කු බොන අයෙක් ගෙදර සිටින නිසා නිවසේ බීමට ගන්නා වීදුරු කඩා දැමීම හා සමාන සිද්ධියක් බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ෆේස්බුක්, වට්ස්ඇප් හා වයිබර් සමාජ ජාල අවහිර කිරීමට සිය සංගමය සපුරාම විරුද්ධවුවද, ඉන් ජාතීන් අතර ගිනි නිවේනම් පැය 72ක කාලයක් එය ඉවසා සිටීමටද හැකි බව කියා සිටී.

රට තුල උද්ගත වන හදිසි කෝලහාල තත්ත්වයක් සමාජ මාධ්‍ය වාරණය කර පාලනය කිරීමට වන තරමට ම රාජ්‍ය යාන්ත්‍රණය දුර්වල වී ඇති බවද එහි දැක්වේ.

ජාතිවාදයට මෙන්ම ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධ පුවත් වලටද සිය සංගමයේ වෙබ් අඩවි දැඩිව විරෝධය දක්වන බවත්, එය ක්‍රියාවෙන්ද ඔප්පුකර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සටහන්ව ඇත.

එසේම සමාජ ජාල භාවිතා කරන සියලුම දෙනාගෙන් ජාතිවාදය වැපීරීමට සිදුකරන රැවටිලිකාර වදන්, පනිවුඩ හා ඒවා පෝෂණය කරනු ලබන ඡායාරූප වැනි දේ බෙදා හැරීම අනුමත කිරීම මෙන්ම කැමැත්ත පල කිරීමෙන් හා පක්ෂපාතී අදහස් ප්‍රකාශ කිරීමෙන් ජාතිවාදයට අනුබලදෙන්නකු බවට පත්විය හැකි බවත්, එය රට අනතුරේ හෙලීමක් බව සිහි තබාගත යුතුව ඇතැයිද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කියා සිටී.

මෙරට දේශපාලනයට යහපත් වෙනස්කම් සිදු කිරීමට සිය සංගමය හවුල්වූ බව ඉතිහාසය සාක්ෂි දරණ අතර මේ අවස්ථාවේ ද වියරු වැටීසිටින ජාතිවාදය හා සටන් කිරීමට කොන්දේසි විරහිතව සහයෝගය දැක්වීමට සහතික බව බවද එහි දක්වා ඇත.

Related posts

Ceylon Princess මව් රටට එයි.. ණයබර වැඩියි.. හිතට එකග නැති තීරණත් ගන්න වෙයි – වරාය ඇමති

colombotoday

යහපාලන ඇමතිලාගේ ගැහිලි ගැන ජනපති දනී.. ඒත් නිහඩයි !

colombotoday

රාජිතගෙන් පැය 4ක ප්‍රකාශයක්

colombotoday

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday