පසුගිය දිනෙක සිරස නරඹන්නන්ට දැක ගත හැකි වූයේ රනිල් වික්රමසිංහ අරලියගහ මන්දිරය හැර යන ආකාරය සජීවීව පෙන්වීම සඳහා සිරස වළිකන ආකාරයකි.
සිරස අරලියගහ මන්දිරය වටා කැමරා මානාගෙන බලා සිටියේ රනිල් වික්රමසිංහ අග්රාමාත්යවරයා බඩුමුට්ටු පොදි බැඳගෙන මෛත්රී වික්රමසිංහ මැතිනියත් පෙරටු කරගෙන අරලියගහ මන්දිරයෙන් නික්මෙන ආකාරය ප්රචාරය කරන්නටය. එහෙත් සිරසේ බලාපොරොත්තුව සුන්වී කැමරා ගලවාගෙන යාමට සිදුවී ඇත.