Colombo Today Local News

“සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

තමන් මුදල් අමාත්‍ය ධූරය සිටි කාලයේ විදේශ සංචිත පහළ ගියේ යැයි වන චෝදනාව පිළි නොගන්නා බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රජපක්ෂ මහතා පවසයි.

අද (9)දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

තමන් අමාත්‍ය ධූරය භාර ගන්නා අවස්ථාවේදී ද රට තුළ විදෙස් සංචිත නොපැවති බව ඔහු ප්‍රකාශ කළේය.

“සංචිත බිංදුවට වැටුණ එක නම් මම පිළිගන්නේ නෑ. කවුද දන්නේ නැහැ කිව්වේ? කොහෙද තියෙන්නේ? ඒක නම් වැරදි. සම්පූර්ණ වැරදි තොරතුරක්. සංචිත කියල එකක් තිබුණෙත් නැහැ මම එනකොට. එහෙම සංචිත තිබුණා නම් මට ත් කරන්න තිබුණා.”

“රජපක්ෂ පාලනය අවසන් වුණේ බැසිල් රාජපක්ෂ නිසා බව ජනතාව චෝදනා කරනවා,” මාධ්‍යවේදියෙකු එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“ඔව් ඒක ඉතින් ගියා ම ඉවරනේ…”

මේ අතර ඔහු සඳහන් කළේ, ඉන්ධන පිටි සහ පොහොර මෙරටට ලැබෙන්නේ තමන් අමාත්‍ය ධූරයේ සිටියදී සාකච්ඡා කර ලබා ගත් ණය මාර්ගයන් ඔස්සේ බව ය.

Related posts

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

“අදුරෙන් එළියට” නව ව්‍යවස්ථාවට එරෙහිව ගෝඨාගෙන් අලුත් වැඩක් !

colombotoday

එජාප මහ ලේකම් ධුරය යලිත් රංගෙ බණ්ඩාරට

Admin

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday