Colombo Today Local News

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

වර්තමාන රජය දිගින් දිගටම පරිභෝගිකයාව අසරණ කරමින් විවිධ අංශ වෙත බදු පනවමින් සිටින බව පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා සදහන් කර සිටියා.

මෙහි ආසන්නතම තත්වය වශයෙන් වාහන මත අයකර ඇති බද්ද හේතුවෙන් වාහන මිල සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. දුප්පත් ජනතාව වැස්සෙන් නොතෙමි යාමට බාවිතා කල ත්‍රිරෝද රථයෙන් පවා ලක්‍ෂ 4ක බද්දක් ලබාගැනීමට කටයුතු කිරීම තුලින් ජනතාව වැස්සකට නොතමි ආරක්ෂිතව ගමනක් බිමනක් යෑමේ අවස්ථාව මේ ආණ්ඩුව අහිමිකර තිබෙනවා.

ආණ්ඩුව ලබාගැනීමට පෙර ලබාදුන් පොරොන්දු සිහින බවට පත්කරමින් ජනතාව සිහින අතර අතරමං කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවගේ වාහන සිහින බොද කරමින් ඔවුන් ලක්ෂ 400,500,600 වියදම් කරමින් වාහන ලබා ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.

අසාධාරණ ලෙස පාරිභෝගිකයාගෙන් අයකරන ඒකක බද්ද, දුරකථන ඇමතුම් බද්ද, සෞඛ්‍ය බද්ද වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින රන්ජිත් විතානගේ මහතා ආණ්ඩුවට විරුද්ධව පුළුල් බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව අවධාරණය කර සිටියා.

[mom_video type=”youtube” id=”hg4nzloYwV0″]

Related posts

හාල් පෝලිම් පොල් පෝලිම් ඇතිවෙලා අනුරට රට කරන්න බෑ

Admin

නිරෝධායන මධ්‍යස්ථානයක සැකකටයුතු ලෙස හැසිරුණු මුස්ලිම් කතක් අත්අඩංගුවට

colombotoday

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

Admin

රට පුරාම කොරෝනා පැතිරිලා.. ජනතාවට සත්‍ය වහන්න සෞඛ්‍ය ප‍්‍රධානීන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරලා

colombotoday

සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලයට අරක් ගනී.. මහින්දට ඉඩ නෑ…

colombotoday