Colombo Today Local News

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන සෞඛ්‍ය අමාත්යංශය විශේෂ පරීක්‍ෂණ

දරු ප්‍රසූතියෙන් පසුව බලහත්කාරයෙන් උපත් පාලන සැත්කම් සිදු කරන බව කියන දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම වෛද්‍යවරිය කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක්‌ මතුව ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පවසයි.

දඹුල්ල රෝහලේදී දරුවන් බිහිකළ මවුවරුන්ට රෝහලෙන් පිටව යැමට නොදී උපත් පාලන සැත්කම් සිදු කර ගන්නා ලෙස බලපෑම් කළ බවට මෙම වෛද්‍යවරියට චෝදනා එල්ලවීම නිසා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇත. අදාල වෛද්‍යවරිය දඹුල්ල රෝහලට පැමිණ ඇත්තේ දෙසතියකට පෙර බවත් ඊට පෙර රත්නපුර රෝහලේ සේවය කර ඇති බවත්, එහිදී ද මෙලෙස බලෙන් උපත් පාලන සැත්කම් සඳහා මවුවරුන් යොමු කොට ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. උපත් පාලන සැත්කමක්‌ සිදු කළ යුත්තේ සැමියා හා බිරිඳගේ කැමැත්ත මත පමණක්‌ බවත් ඊට බලපෑම් කිරීමට කිසිදු වෛද්‍යවරයකුට නොහැකි බවත් බන්දුල යාලේගම අමාත්‍යවරයා කියා සිටියේය.

මෙවැනි වෛද්‍යවරියන්ගේ කටයුතු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමු විය යුතු බවද, මේ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණයෙන් වෛද්‍යවරිය වැරදිකාරිය වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගෙන දඬුවම් පමුණුවනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

මධ්‍යම පළාත් සභා මාසික රැස්‌වීමෙන් අනතුරුව ඊයේ (7 දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ කීය.

Related posts

X-Press Pearl වන්දි නඩුවට සහය වෙන්න ජනපති නීතිඥවරුන් දෙදෙනෙක් පත් කරයි.

Admin

මනෝ, මලික්, බදියුදීන් ඇමතිකම් එපා කියයි…

colombotoday

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

කොලඹ සුපිරි නිවාස සංකීර්ණයකින් කොරෝනා.. වසා දමයි

colombotoday