Colombo Today Local News

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කරඇත.

රට දේශපාලන වශයෙන් මෙන් ම, ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ගත හැකි ප්‍රායෝගිකම විසඳුම එය යැයි ද ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය ලිපියේ සඳහන් කර තිබේ.

එවන් ක්‍රියාමාර්ගයකදී, වරප්‍රසාද හෝ තනතුරක් බාර නොගෙන, අවශ්‍ය සහාය රට වෙනුවෙන් මෙන්ම, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙම්න් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇත.

Related posts

“ආණ්ඩුවේ තහනම අපි පිළිගන්නේ නැහැ. කම්කරු දින සැමරුම අපි අනිවාර්යයෙන්ම පවත්වනවා”

colombotoday

ලංකාවේ රක්ශණ ක්ෂේත්‍රය තුල පැන නැගී ඇති ගැටලු සම්භන්ධයෙන් සමීක්ෂණයක්

colombotoday

මත්පෙති සමග අයෙක් වත්තලදී අල්ලයි

colombotoday

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday

ඛනිජ තෙල් සේවකයින් බාධා කළොත් සේවයෙන් ඉවත්කරන්න – ඇමති කංචන කියයි

Admin

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday