Colombo Today Local News

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ මේ වන විට මතුව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හෙළා දකින බව එක්සත් ජතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේම ගැටුම් ඇතිව තිබෙන ප්‍රදේශ නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන ලෙසත් ඔවුහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කොළඹ කාර්යාලය නිකුත් කළ නිවේදනය

මේ දිනවල සිදු වෙමින් පවතින වාර්ගික ප්‍ර‍චණ්ඩකාරී සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිය අවධානය යොමු කර ඇති අතර, මෙම ප්‍ර‍චණ්ඩ ක්‍රියා ඉතා දැඩි ලෙස හෙළා දකියි. වැරදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසත්, ආපදාවට ලක් වී තිබෙන ප්‍ර‍දේශවල සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කිරීම සඳහා යෝග්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. තවද, නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙසද, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙසද එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

සමාජ මාධ්‍යට වෙන්න යන දේ…

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

මහින්ද සීයා කෙනෙක් වෙයි !

colombotoday

මම අමාත්‍යාංශ වල විෂයන් බෙදා අවසන්

Admin

සා.පෙළ විභාගය මැයි

colombotoday

අටුළුගම දැරිය ඝාතනය : අයිස් ගසා සිටි කොත්තු බාස් දැරිය මැරූ හැටි වමාරයි

colombotoday