Colombo Today Local News

“රාජ් රාජරත්නම් මගේ සමීප මිතුරා.. ඔහුට සූක්ෂම ආර්ථික පත්‍රිකා ලියා දුන්නෙත් මමයි” මහැබැංකු අධිපති

indrajithk

මහාපරිමාණ විනියමය වංචාවක් සිදුකිරීමේ චෝදනාව මත දැනට ඇමරිකාවේ සිරගතව සිටින, ඊළාම් ඩයස්පොරාවේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රාහකයා වූ රාජ් රාජරත්නම් තමාගේ සමීප මිතුරෙකු බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඊයේ (05)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහබැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි.

රාජරත්නම් තමාගේ සසෙක්ස් විශ්වවිද්‍යාලයේ සරසවි සඟයෙකු බවත්,ඔහු තමාට වඩා වසර 2ක් කණිෂ්ඨ බවත්,ඔහුගේ ගැලියන්ස් ගෘප් සමාගමේ මුදල් ආයෝජනය කරන ලෙස හා ඔහුට සහය වන ලෙස දැන්වූ බවත් කුමාරස්වාමි මහතා සඳහන් කළේය. තමා ඒ අනුව මාස 10ක පමණ කාලයක් සූක්ෂම ආර්ථිකයට අදාළව පර්යේෂණ පත්‍රිකා ලියා දුන් බවත්,හෙතෙම අත්අඩංගුවට ගැනීමට ප්‍රථම තමන් එම සමාගමේ පර්යේෂණ කටයුතු සිදුකළ බවත් ඔහු සිහිපත් කළේය.

2011 වසරේදී අභ්‍යන්තර වෙළඳාමේදී මහජනයාට අනාවරණය නොකළ තොරතුරු භාවිතා කොට ලාභ ලැබීම සම්බන්ධයෙන් නඩු විමසා අමෙරිකානු අධිකරණයක් විසින් ‍රාජරත්නම්ට සිරදඬුවම් නියම කර ඇති අතර මේ දක්වාම ඔහු දඬුවම් ලබමින් සිටියි.

Related posts

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

colombotoday

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin

පොලිස්පතිගෙන් CIDය ප්‍රකාශයක් ගනී

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday