Colombo Today Local News

නීතිය හා සාමයට ෆොන්සේකාගේ නම එජාපය ජනපතිට යවයි

නව කැබිනට් සංශෝධනය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කර තිබූ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එ.ජා.ප.ය. සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුව එක්සත් ජාතික පක්ෂය මෙම නම යෝජනා කර ඇත. එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වේ.

සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කළද එම පත්කිරීම බොහෝදුරට කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

ලබන 12 වනදා ජපානයට යන ජනපති නැවත ලබන 15 දා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Related posts

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

සිංහරාජේ ප්‍රශ්නගත ඉඩමේ අයිතිකරු ආණ්ඩුව ආරක්ෂා කරනවා ද? පරිසර ඇමතිගෙන් ප්‍රශ්න කෙරේ…

colombotoday

අපේ රටේ තියන ප්‍රශ්න හැම රටකම තියනවා.. සමාජ මාධ්‍යවලට ඒව පේන්නෑ – ජනපති කියයි

colombotoday