Colombo Today Local News

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කළ බවයි.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කලහකාරී සිද්ධිය සමතයකට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. කෙසේවෙතත් එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් තවදුරටත් ක්‍රියාත්මක කර තිබේ.

Related posts

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin

හිරේ ඉන්න රංජන්ට උසස් අධ්‍යාපනයට වරම්.

colombotoday

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

colombotoday