Colombo Today Local News

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ එක්‌ මන්ත්‍රීවරයකුට ගම්වල සංවර්ධනය සඳහා රුපියල් ලක්‌ෂ 50 බැගින් ලබාදීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (01 දා) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

එම මුදලින් හොඳින් වැඩ කරනවාද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳට වැඩ කළොත් ඒ අයට ලක්‍ෂ 100 ක මුදලක්‌ දෙන බවද ජනාධිපතිවරයා කීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ හිඟුරක්‌ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධන වැඩසටහන යටතේ ලබාදී ඇති රුපියල් ලක්‌ෂ 60 ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය.

මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක්‌ අතින්ම එම කටයුතු අවංකව හොඳින් ඉටුවෙනු ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ තමා අද මෙන්ම හෙටත් ඒ විදියම යෑයිද ජනාධිපතිවරයා කීය. තම ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක්‌ නැති බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා සෑම වේලේම බලන්නේ මේ කරන ආයෝජන, සංවර්ධන ව්‍යාපෘති තුළින් ජනතාවට අවශ්‍ය නිවැරැදි සේවයක්‌ ලැබෙන්නේ කොහොමද? ඒ සේවාවන් හරියට ඉෂ්ඨ වීම සඳහා කෙරෙන්නේ කොහොමද කියා යෑයිද පැවසීය.

Related posts

චීන තානාපති සහ විපක්ෂ නායක අතර හමුවක්

colombotoday

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

colombotoday

ට්‍රම්ප් සමග එක්වී දෙමළ අයිතිවාසිකම් දිනාගන්නවා.. යුද අධිකරණය ස්ථීරයි

colombotoday

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

ඉන්දියාව සමග ETCA අත්සන් කරනවා.. ස්ථීරයි – ජනපති සහතික වෙයි

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday