රාජාංගනය වැවෙන් ජලය චීන සමාගමකට ලබාට ඇති සූදානමට විරෝධය දක්වමින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් (28) සිදු කළ විරෝධතාවය සංවිධානය කිරිමේ චෝදනාවට එම ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ඒ.නිහාල් වන්නිආරච්චි මහතා ඊයේ (01) තඹුත්තේගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 57 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටිති.
අත් අඩංගුවට ගනු ලැබු රාජංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා අද (01) ධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.