Colombo Today Sports News

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී ද වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නොසලකා හැරීමට ලක් වී තිබේ.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව හා හැකියාව ඔප්පු කරන්නේ නම් සංචිතයට ඇතුලත් වීමේ අවස්ථාව මාලිංගට තිබෙන බව තේරීම් කමිටුවේ ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි පසුගිය 17 වැනිදා කියා සිටියේය.

එම අවශ්‍යතා දෙකම තමන් සපුරා ඇති බව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ඇරඹී දෙදිනකින් මාංලිග පෙන්වා දුන්නේ, ලකුණු 30කට කඩුළු දෙකක්, ලකුණු 31කට කඩුළු තුනක් හා ලකුණු 34කට කඩුළු තුනක් ලෙසින් තරග තුනකදී තම පන්දු යැවීමේ දක්ෂතා විදහා දක්වමිනි.

නමුත්, ඔහුව නිදහස් කුසලාන තරගාවලිය සඳහා වූ විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතයට තෝරාගෙන තිබුණේ නොමැත. මෙම සංචිතය ඊයේ දින (27) නම් කර තිබුණි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය පැවැත්වූ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඩුපාඩු රැසක් මාලිංග පෙන්වා දීමෙන් පසුව මෙතෙක් ඔහු ජාතික කණ්ඩායමට තෝරාගෙන නොමැති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින් ලැබ්රෝයි පත් වීමෙන් පසුව කිසිදු තරගයකට මාලිංග තෝරා නොගත්තද, ක්‍රීඩා ලෝලීන් නොමග යවන ඉහත ආකාරයේ ප්‍රකාශ ඔහු සිදු කරමින් සිටින බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

Related posts

මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL තරඟාවලිය අද හම්බන්තොටදී ඇරඹේ

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කරන්න අනුමැතිය ලැබෙයි

Admin

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8ක් ඔලිම්පික් යවන්න වියදම දෙකෝටි විසි ලක්ෂයයි.

colombotoday

ශිකර් ධවාන් ගේ ශතකය දිල්ලි කැපිටල්ස්ට ජය ගෙනෙයි

colombotoday