Colombo Today Sports News

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීමේදී ද වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නොසලකා හැරීමට ලක් වී තිබේ.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව හා හැකියාව ඔප්පු කරන්නේ නම් සංචිතයට ඇතුලත් වීමේ අවස්ථාව මාලිංගට තිබෙන බව තේරීම් කමිටුවේ ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි පසුගිය 17 වැනිදා කියා සිටියේය.

එම අවශ්‍යතා දෙකම තමන් සපුරා ඇති බව අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය ඇරඹී දෙදිනකින් මාංලිග පෙන්වා දුන්නේ, ලකුණු 30කට කඩුළු දෙකක්, ලකුණු 31කට කඩුළු තුනක් හා ලකුණු 34කට කඩුළු තුනක් ලෙසින් තරග තුනකදී තම පන්දු යැවීමේ දක්ෂතා විදහා දක්වමිනි.

නමුත්, ඔහුව නිදහස් කුසලාන තරගාවලිය සඳහා වූ විසිදෙනෙකුගෙන් සමන්විත සංචිතයට තෝරාගෙන තිබුණේ නොමැත. මෙම සංචිතය ඊයේ දින (27) නම් කර තිබුණි.

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශය පැවැත්වූ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඩුපාඩු රැසක් මාලිංග පෙන්වා දීමෙන් පසුව මෙතෙක් ඔහු ජාතික කණ්ඩායමට තෝරාගෙන නොමැති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙසින් ලැබ්රෝයි පත් වීමෙන් පසුව කිසිදු තරගයකට මාලිංග තෝරා නොගත්තද, ක්‍රීඩා ලෝලීන් නොමග යවන ඉහත ආකාරයේ ප්‍රකාශ ඔහු සිදු කරමින් සිටින බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

Related posts

නව ටෙස්ට් ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට

Admin

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

colombotoday

ක්‍රිකට් අතුරුකමිටු ලේකම්ගේ කුමන්ත්‍රණයට ඇමති දයාසිරි හරහට

colombotoday

චාමිකට අමෙරිකානු ඩොලර් 5000ක දඩයක් සමග සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ වසරක් තහනම්.

Admin

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාස ගත ජයක්.

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද වැඩ වර්ජනයක්

Admin