Colombo Today Local Newsextremism & terrorism activitiesTop Stories

අම්පාරේ ගින්නට බදුර්දීන් පිදුරු දමයි.. ඇමතිකමට මුවා වී ගිනි අවුලවන හැටි මෙන්න

අම්පාර නගරයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා උපුටා දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේදී ජනවාර්ගික කණ්ඩායමක නමක් සඳහන් කරමින්, එම ජනවර්ගයට අයත් ව්‍යාපාරික ස්ථාන හා ආගමික ස්ථානවලට පහරදී ඇති බවත්, එම ජනවර්ගයට එරෙහි කැරළිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි පියවර ගත යුතුව ඇති බවත් කියා තිබුණි. එමෙන්ම, සිද්ධියෙන් විනාශයට පත්වූ ස්ථාන කිහිපයක ඡායාරූපද එහි අමුණා තිබුණි.

නමුත්, එම අමාත්‍යාංශය විසින් සිංහල භාෂාවෙන් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක දැක්වුණේ අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට හා ඒ අසල තිබූ ආගමික ස්ථානයකට පහරදී අලාභානි සිදුකළ බව කියන අවාසනාවන්ත සිදුවීම පිටුපස සිටින්නන් සොයා දඬුවම් ලබාදෙන්න යැයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් හමුවේ ඉල්ලීමක් කර ඇති බවය. එහි ජනවර්ග නම් කිරීමක් නොවීය.

මෙවැනි පරස්පර මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් ජනවාර්ගික අර්බුදයක් සාමාන්‍ය ජනතාව අතර අවුළුවන්නේ දේශපාලඥයන් දැයි යන පැනය නිරායාසයෙන් ඇතිවෙයි.

Related posts

හකීම්, බදුර්දීන්, සාලි ඇතුළු මුස්ලිම් මැති ඇමතීන් පිරිවරා ජනපති කටාර් සංචාරයේ !

colombotoday

කොරියාවේදී හිටපු ජනපති මහින්දට ඉහළ පිළිගැනීමක් (Video)

colombotoday

එදා ලොව අංක එද දිනූ ‘කොළඹ කොටස් වෙළදපල‘ කළාපයේ පහලටම ඇද වැටේ !!

colombotoday

තුර්කියේ භූ කම්පනයට හසු වූ ශ්‍රී ලාංකිකයෙකු ගැන තොරතුරක් නෑ

Admin

චීන යුවලක් සමග අපේ පොලිසිය GPS තාක්ෂණයෙන් හොරෙක් අල්ලයි

colombotoday

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday