Colombo Today Local NewsTop Stories

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

උද්ගතව තිබෙන දේශපාලන අර්බුධය සහ ඇමති සංශෝධනය පිළිබදව සාකච්ඡා කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී පළාත්පාලන මැතිවරණ පරාජය පිළිබදව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වා සිටියේය.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ ඡන්ද පදනම කඩා වැටීමට හේතු වූයේ වත්මන් ආණ්ඩුව යටතේ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සිරගත කිරීමට කටයුතු කළ නිසා බවයි. එම සිදුවීම් බෞද්ධ ජන්ද පදනමට දැඩි ලෙස බලපෑමක් ඇතිකළ බවත් එය ඒකාබද්ධ විපක්ෂ පාර්ශවයට වාසි සහගත ලෙස බලපෑ බවත් ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම නව ව්‍යවස්ථාව හා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කිරීම සම්බන්ධයෙන් ඇතිව තිබූ සැකයද එජාපයට බෞද්ධ ඡන්ද විශාල වශයෙන් නොලැබීමට හේතු වූ බවද හරින් ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

වත්මන් ආණ්ඩුව පත්වී ගෙවුණු වසර තුන ඇතුළත විවිධ හේතූන් මත භික්ෂූන් වහන්සේලා 60කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත්වූ අතර එයින් වැඩි පිරිසක් දේශපාලන හේතූන් මත සිදුවූ අත්අඩංගුවට ගැනීම් විය.

උඩුවේ ධම්මාලෝක හිමි වැනි බෞද්ධ ජනතාව අතර ජනප්‍රියත්වයක් දිනා සිටි ධර්ම දේශකයන් වහන්සේලා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම. ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ තවත් ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් බන්ධනාගාරගත කිරීම මෙන්ම මුස්ලිම් ඇමතිවරුන්ගේ බලපෑම මත මහ මගදී බැරියර් දමා අත්අඩංගුවට ගැනීමට උත්සහා කිරීම වැනි සිදුවීම් නිසා සමාජයේ මෙන්ම සමාජජාලා මාධ්‍ය ඔස්සේද පසුගිය සමයේ ආණ්ඩුවට එරෙහිව දැඩි ජනතා විරෝධයක් ගොඩ නැගිණි.

Related posts

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

දකුණු පියයුරේ ගැටිත්ත ඉවත් කරන්න වම් පියයුරේ ශල්‍ය කර්මයක් කරලා

colombotoday

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

කෝටි දෙකකට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමින් අල්ලයි

colombotoday