ජනතාවගේ ඇගට දැනෙන සුබසාධන සැලැස්මක් ඉදිරි දින තුන ඇතුළත රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය.
“අපි බලාපොරොත්තු වෙනවා මෙම සැලැස්ම හරහා ක්‍රියාත්මක වෙන වැඩසටහන ජනතාවගේ ඇගට, පතට, බඩට, කටට, හදවතට දැනෙන, ඇස්වලට පෙනෙන, කනට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් වෙයි කියලා“ යැයි අමත්‍යවරයා දියා සිටියේය.