Colombo Today Local News

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

පාකිස්තානු හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු යැයි කියන අමීර් සුබේර් සිද්දික්කි නම් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ යම් යම් ක්‍රියාකාරකම්වලට අතපොවනු ලබන බවට ඉන්දීය බුද්ධි අංශ සේවා වෙත නිරීක්ෂණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා දක්වා තිබේ.

ඒ පාකිස්තාන බුද්ධි අංශ සේවාවක (ISI) ක්‍රියා කරන්නෙකු යැයි සැකපිට තමීම් අන්සාරි නම් පුද්ගලයකු තමිල්නාඩු පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමත් සමගිනි. තමන්ට සිද්දික්කි විසින් ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පතක් ලබාදී එයට කොළඹ සිට මුදල් එවූ බව අන්සාරි පවසා ඇත. සිද්ධික්කි මෙම බුද්ධි අංශ සේවාවේ ප්‍රධානියෙකු යැයිද කියවේ.

අන්සාරි අත්අඩංගුවට පත්වී ඇත්තේ ඔහු ලංකාවට පැමිණීමට ට්‍රිචී ගුවන්තොටුපළේ සිටියදීය. කොළඹ පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලයේ නියුතු සිද්දික්කි හා ලූණු වෙළෙන්දෙකු වන අන්සාරි මුණගැස්වීම සිදුකර ඇත්තේ කොළඹ සිටි දෙමළ භාෂාව කතා කරන ෂාජි නම් මුස්ලිම් ජාතිකයෙකු විසින් බවට පැවසේ.

සිද්දික්කි ඉන්දියාවට විරුද්ධ ක්‍රියාකාරකම්වලට බොහෝ කාලයක සිට සම්බන්ධ බවත්, ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවකින් නිකුත් කළ කාඩ්පතක් හරහා අන්සාරි හා මුදල් ගනුදෙනු සිදුකර ඇති අතර, ශ්‍රී ලංකාවෙන් එයට මුදල් වැටී ඇති බවත් තමිල්නාඩු පොලීසිය පවසයි.

සිද්දික්කිගේ ඔත්තු සැපයුම් සම්බන්ධතා පිළිබඳ දැනුවත් වීමෙන් පසු පාකිස්තාන රජය සිද්දික්කිව නැවත පාකිස්තානයට ගෙන්වාගෙන ඇති අතර, වසරකට පසු නැවත තානාපති කාර්යාල සේවයේ පිහිටුවා තිබේ. ඉන්පසු ඔහු විසින් සකීර් හුසේන් නම් ශ්‍රී ලාංකික ද්‍රවිඩ මුස්ලිම් ජාතිකයාව දකුණු ඉන්දියාවෙන් ත්‍රස්ත කටයුතු සඳහා මිනිසුන් සෙවීමට පුහුණු කර ඇති බවට පැවසේ. හුසේන් නැමැත්තා අත්අඩංගුවට ගත් පසුව ඔහු සතුව තිබීද සිද්දික්කිගේ දුරකථන අංක සහිත විසිටින් කාඩ්පත් තිබී හමුවී ඇත.

හුසේන් නැමැත්තාගේ අත්අඩංගුවට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ සිට සැලසුම් කළ බොහෝ ක්‍රියාකාරකම් ආරක්ෂක අංශ වෙත නිකුත් වී තිබේ.

Ada.lk

Related posts

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

“මෛත්‍රීපාල කිසි වැඩකට නැති මිනිහෙක්” – රතන හිමි

colombotoday

අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට..! සියලූම පත්වීම් සුදුසුකම් මත

colombotoday

“ලංකවේ මුස්ලිම් 30 ක් ISIS ත්‍රස්තවාදීන්ට එක්වෙලා“ – අගමැති ඉන්දීය මාධ්‍යට කියයි

colombotoday

ප්‍රජා අයිතිය අහෝසි කලොත් කරන දේ මහින්ද කියයි

colombotoday