ශ්‍රී ලංකා රූපවාහිනිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිදියා නාලිකාව“ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විකාශන කටයුතු ආරම්භ කළේය.
දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ජාතික, ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව වෙනුවෙන් මෙම නාලිකාව පූර්ණකාලීනව විකාශන කටයුතු සිදු කරනු ලබයි.
රට තුළ ජාතික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙලට දායක වෙමින් මෙම නව සංහිදියා නාලිකාව ආරම්භ කර තිබේ.