Colombo Today Local News

ඉතිහාසයේ දැවන්තතම පුජාව බොදු බල සේනාවෙන් රුවන්වැලි මහා සෑ මළුවේදි මැයි 19

බොදු බල සේනා සංවිධානය සංඝානුභාවෙන යනුවෙන් මෑත ඉතිහාසයේ සිදුවූ දැවන්තතම පුජාව “මේ සංගායනාවට කාලයයි” යන තේමාව යටතේ මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑ මළුවේදි චීවර 60000 ක පූජාවක් සංවිධානය කර තිබෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැහැදිලි කිරීමක් සිදු කලේ මෙසේයි….

අපි ඉලක්කයක් තබාගෙන තියෙනවා මැයි 19 වෙනිදා අනුරාධපුරේ රුවන්වැලි මහා සෑය ලග චීවර පූජාවක් කරන්න. මේ වැඩපිලිවෙලේ තේමාව සංඝානුභාවෙන.. සංගායනාවට කාලයයි. මේ ජාතියේ ඉදිරි පැවැත්ම පිලිබද විශ්වාසයක් ඇතිකරගන්න නම් හැම ක්ෂේත්‍රයක් කෙරෙහිම ජාතික, ආගමික, අධ්‍යාපනික, නීති, කෘෂිකාර්මික, ආර්ථික මේ හැම ක්ෂේත්‍රයක් පිලිබදවම අපි යම්කිසි සංගායනාවක් කල යුතුයි. මේ රට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට නතු කලයුතුයි. මොකද හැම අතින්ම රෝගී වූ ආකල්පමය අතින් රෝගී වුනු කම්මැලි ජාතියක් ‍වෙලා. මේ රටේ ගෑනු ටික නැත්තං මේ රටත් නෑ, ශාසනයත් නෑ, අපිත් නෑ. ඒ ගෑනුන්ගෙ ධෛර්ය නැත්තං. පිරිමි ටික ඔහේ බිබී ඇවිදිනවා, කාලය නාස්ති කරනවා, වැඩ කරන්නෙ නෑ. ටයි කොට් දාගත්තු මහත්තුරු වගේ, කම්කරුවෙක් නෑ. ඉතින් කොහොමද අපි මේ රට නගන්නෙ ?

කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ

අපි කල්පනා කලා ඉස්සර වෙලා මේ රටේ පොදුවේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් කියලා කිසි බේදයක් නෑ. අපිට කිසි ජනවර්ගයක් කෙරෙයි වෛරයක් නෑ. හැබැයි අපිට අනාගතේ අනතුරක් වියහැකි මූලධර්මවාදී ආගමික කල්ලි පිලිබද කියවීම එහෙමමයි. එක්කො ඒ අය වෙනම හදුනාගෙන නිවැරදි මගට ගන්න ඕනි. එහෙම නැත්තං නීති අනපනත් මගින් ඒවා නතර කරගන්න ඕනි. ඒ අනතුර අපි රටට පෙන්නලා දුන්නා. එතනින් එහාට ඒවට වැඩපිලිවෙලවල් හදන එක අපේ රාජකාරිය නෙවෙයි. ඒ නිසා මේ රට තුල උපන් සියලුම සිංහල දෙමල මැලේ මුස්ලිම් බර්ගර් ආදී සියලුම මිනිස්සුන්ට ආදරණීය ලෙස අපි ආරාධනා කරනවා මේ අති දැවැන්ත පින්කමත් එක්ක එකතුවෙන්න කියලා.

තරුණ තරුණියන් 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක්

ඒ නිසා අපි කල්පනා කෙරුවා තරුණ තරුණියො 60000 ක් එක්ක සිවුරු 60000 ක පූජාවක් පවත්වලා සංගායනාවට කාලයයි නමින් මේ වැඩපිලිවෙල රට තුල ක්‍රියාත්මක කරන්න දැන් සියලු කටයුතු අපි සංවිධානය කරගෙන යනවා. අපෙ මාධ්‍ය මහත්වරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ සදහා අවශ්‍ය මාධ්‍ය සහයෝගය අපිට දෙන්න කියලා. මේ හරහා රට තුල විශාල ආධයාත්මකි ප්‍රබෝධයක් ඇතිවෙයි කියලා අපි හිතනවා.

මේ රට නගන්න උවමනා කරන වැඩපිලිවෙලවල් බොහෝමයක් මේ තුල සාකච්ඡා කල හැකියි. තායිලන්තය වගේ රටවල හාමුදුරුවරු තමන්ගේ පන්සල් ඉඩම් සහ රජයේ ඉඩම් වල තරුණ ලමයි විශ්වවිද්‍යාල දරුවො එක්ක එකතුවෙලා දැන් සදුන් ගස් වවනවා. කයිවාරු ගහ ගහ මේ වගේ උද්ඝෝෂණය කර කර ඉන්නෙ නෑ. ඇයි ඒවා ඒ රටේ අනාගත සංචිත.

බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ

රටේ හැමතැනකම හොරකම වංචාව දූෂණය එකාට එකා නැති කමින් මිනිස්සු මිනිස්සුම පෙලන මහා මුග්ධ තත්වයකට මේ රට වැටිලි තියනෙවා. අපිට හිතා ගන්න බෑ මේ තරම් බණ අහන රටක ඇයි මෙහෙම වෙන්නෙ කියලා. අපි මේ රටේ හාමුදුරුවරුන්ටත් ආරාධනා කරන්නෙ බණ කලාවෙ ඉදලා වෙනසක් කරන්න, මේ වැඩපිලිවෙලත් එක්ක. මෙ රටට අවශ්‍ය නෙගෙටිව් බණ නෙවෙයි, පොසිටිව් බණ. නිවන තමයි අපේ එකම අරමුණ කුසට අහරක් පිරිසිදු වාත්‍රශ්‍රයක් තියෙන්න ඕනිනෙ බණක් භාවනාවක් කරන්නත්. බඩට බත්නැති ජාතියකට බණ කියලා වැඩක් නෑ. ප්‍රශ්නාවලියක් එක්ක ඉන්න පිරිසකට බණ කියලා වැඩක් නෑ. ඒ මිනිස්සුන්ට ඕනි ප්‍රශ්න වලින් ගොඩ එන්න. අර සංස්කෘතික ස්ලෝකයක් තියෙනවා ‘නිර්දනශ්චන ගෝෂිතං’ කියලා නිර්ධනයන් එක්ක මේ සාකච්ඡා කරලා කරුණු කියලා වැඩක් නෑ. ඒ අයට ඕනි කන්න.

බේද පැත්තක තියලා පිංකමට එන්න

ඒ නිසා මේ රටේ සාතිශය බහුතරයක් කිසිදු බේදයකින් නැතුව එකතුවෙමු. සිංහල දෙමල කියලා බඩගිනි වෙනම නෑනේ. ඒ නිසා මේ රටේ නායකයන්ට සමගියට පත්වෙන්න, වැටෙන රට නගන්න. අවසාන වශයෙන් මුලු මහත් සමාජයම සමාධියකට පත්කරන්න අරමුණින් තමයි මේ වැඩපිලිවෙල අපි සිද්ධ කරන්නෙ. රටතුල ගොඩනගන මේ අධ්‍යාත්මික වැඩපිලිවෙලට උපකාර වන්න හැමදෙනාටම අපි ආරාධනා කරනවා.

Related posts

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday

ළමා නිවාසයක සිටි දැරියන් පස්දෙනෙකු පලා ගිහින්

Admin

11දා රට ඇරියා කියා කඩා බිඳගෙන කඩගානේ දුවන්න එපා. විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි !

colombotoday

පාර්ලිමේන්තුවේ දිනක වියදම කෝටි දෙකහමාරයි.. ගුටි ඇණගත් දින දෙකට කෝටි පහයි

colombotoday