Colombo Today Local News

බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා.. 20ට සහාය දුන් මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නැහැ

ඒකාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් තුනෙන් දෙකක බලයක් ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ජනතාවගෙන් දැන් සමාව ඉල්ලා පලක් නොවන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹදී අද(15)දින පැවසීය.

ඔවුන්ට ජනතාවගෙන් හෝ සමගි ජන බලවේගයෙන් කිසිදු සමාවක් හිමි නොවන බව ද මරික්කාර් මහතා සඳහන් කළේය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවට හෝ රටට ආදරය කරානම් කිසිවිටෙකත් ඔවුන් මෙවැනි තීන්දුවක් නොගන්නා බවත් බොරු බේගල් ඇද බා යළිත් ජනතාව අන්දන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ දුක විකුණා බලයට පැමිණ දේශපාලනයයි ආගමයි පටලවා ගන්න එපා යැයි එම පිරිසෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

colombotoday

මඩකලපුවට ඇදහැළුණු මෝස්ම් වරුෂාව හේතුවෙන් 35,642දෙනෙක් පීඩාවට

colombotoday

ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවේ..

Admin

මාලි ත්‍රස්තයන්ගේ බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකා හමුදාවෝ ව්‍යාර්ත කරති

colombotoday