Colombo Today Local News

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී පසුගියදා බස් රථ දෙකකට ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් 0718 59 1755, 0718 59 4929 හා 0112 44 4265 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසය.

පසුගිය 31 වැනිදා මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී කළහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපොළවලට අලාභහානි සිදු කර, ඒ අසළ වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

දරුපල ලබන්න දේවාලෙකින් බෙහෙත් ගත් තරුණියක් මරු දකී

Admin

හොරෙන් ගෙනා සැප වාහන ගැන ඇහෙන කතාව

Admin

වැඩි නැති ප්‍රදේශවල පශු වෛද්‍යවරුන් වැඩ ඇති ප්‍රදේශ වලට යවයි

Admin

ලංවිම බෑ කිවුවට විදුලි බිල අඩු කරන්න පුලුවන්

Admin