කොංගෝ රාජ්‍යයේ කින්ෂාසා නගරයේ විදුලි රැහැනක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙළෙඳපොළක සිටි පුද්ගලයින් පිරිසක් මතට එම විදුලි රැහැනක් කඩා වැටී එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදුලිසැර වැදී මියගිය පුද්ගලයින් වැඩි දෙනෙකු එම වෙළෙඳපොළේ සිටි වෙළෙඳුන් බව සඳහන්ය.
කෙසේවෙතත් විදුලි රැහැන කඩා වැටුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.