Colombo Today Local News

මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගන්න සූදානම් නැහැ – රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් කල් බාර ගත්තේ නැති කිසි දෙයක් දැන් බාර ගැනීමට ද සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය එසේ සඳහන් කරන්නේ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි ජනාධිපතිවරයා නිවෙිදනයක් නිකුත් කරමින් කළ ඇරැයුමට ප්‍රතිචාර වශයෙනි.

සර්ව පාක්ෂික සමුළුවේදී ද යෝජනා කෙරුණු පරිදි සියලු පක්ෂ නායකයන්ගේ කමිටුවක් හදා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිටින බවද එහි කිසිම වෙනසක් නැතැයිද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත්දා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කළ යුතු බවයි.

එය පක්ෂ භේදයෙන් තොරව ජාතික එකඟත්වයක් ඇතිව ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවත් පාර්ලිමේන්තුව රැස්වූ වහාම මේ යුතුකම ඉටු කළ යුතුව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අධික වේගයෙන් ආ බසයක් බෝක්කුවක් අස්සෙ නවතී

Admin

සන්හිදියාවට බාදාවක් යැයි පවසමින් කිලිනොච්චියේ යුධ සැමරුමක් ඉවතට…!!

colombotoday

RMVයෙන් වේලාවක් වෙන්කර ගන්න දුරකථන අංක

colombotoday

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday