Colombo Today Local News

යුධ ජයග්‍රහණයේ මතක සටහන් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙනුත් ඉවතට

dm33

එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ ‘ටැමිල් නෙට්‌’ වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.

දිවයින

Related posts

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday

අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ ශාලාවක ගින්නක්

Admin

පළාත් සභා අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීන් තිදෙනා ගැන පරීක්ෂණ….

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

colombotoday