Covid 19

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ 76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද, මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

කොරෝනා වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මැල්සිරිපුර, ඉබ්බාගමුව සතිපොළ තාවකාලිකව වසා දමයි.

colombotoday

කෝවිඩ් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිවෙස් තුළම නිරෝධායනයට

colombotoday

මනාල යුවල දෙකකට කොවිඩ් – එක් යුවලකගේ විවාහට උත්සව 3ක්

colombotoday

අද නව ආසාදිතයින් 932ක්

colombotoday

දින 7ක් තුළ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 524ක්

colombotoday

පකිස්ථානයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවා යයි.

colombotoday