Colombo Today Local News

ජනපතිගෙන් කුණු බැණුම්.. ශිරාල් බුකියේ “සිත නිවන කතා“ ලියයි…

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසිතූ විරූ අන්ත පරාජයකට ලක්වීමත් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සමීප උපදේශකයන් සමග උරණව සිටින බවත්, මැතිවරණ පරාජය සම්බන්ධයෙන් ජනපති සම්බන්ධිකරණ ලේකම් ශිරාල් ලක්තිලකට දැඩි ලෙස බැණවැදී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිහස් සන්ධානය වෙනම තරග කළ යුතු යැයි යන මතයේ සිට, ඡන්ද ගොඩ වැඩි කරගැනීම සදහා මැතිවරණ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂයට දිගට හරහට පහරදිම දක්වා ජනාධිපතිවරයා මෙහෙයවූයේ ශිරාල් ලක්තිලක විසිනි.

මේ අතර අද අළුයම වන විටත් ජනපති පාර්ශවයේ ප්‍රබලයන් බොහෝ දෙනෙකුගේ දුරකථන ක්‍රියා විරහිත වී තිබුණ අතර, දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වන්නේ ජනාධිපතිවරයා තරම්, පොහොට්ටුවේ ජහග්‍රහණය වෙනුවෙන් කැප වූ අන් අයෙකු නැති බවයි.

මේ අතර ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ අදහස් පලකරමික් කියා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසිදු ඡන්ද 15%ක ප්‍රමාණයක් ලබාගෙන ඉදිරියට පැමිණ තිබෙන බවත්, දූෂණ විරෝධයට එරෙහිව, මෙම ප්‍රතිශතය, ජයග්‍රාහී ප්‍රතිශතයක් වන බවයි.

Related posts

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂ කියූ දේ

colombotoday

තිරුකුමාර් නඩේෂන් ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දීමක්

colombotoday

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

colombotoday

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

“බලවතුන්ගේ දුරකතන ඇමතුම්වලට යටවී ලොකු කුඩුකාරයන් නිදහස් කරන්නැ..”

Admin

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday