Colombo Today Local NewsTop Stories

බ්‍රිගේඩියර් යළි සේවයට ගත්තා කියා මළ පනී.. කබීර් හෂීම්ගේ ලේකම් ජනපතිව පලු අරියි..

එජාපයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ පාර්ලිමේන්තු ලේකම් දිනුක් කොළඹගේ මහතා ජනාධිපතිවරයා විසින් සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීට ගත් තිරණය විවේචනයට ලක්කර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් ඊට ප්‍රතිචාර දක්වමින් (Comments) මෙසේ විවේචනය කර තිබේ.

එසේම ඉදිරියේදී ජනපතිවරයාට සිය සහය නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් දක්වා ඇත.

දිනුක් තබන ලද මුල් සටහනේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

“ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වන එක්සත් රාජධානියේ අප තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා තනතුරින් ඉවත් කිරීමට රජය තීරණය කළා. ඔහුගේ ඉවත් කිරීම සිදු වූයේ එල්ටීටීඊ ධජය රැගෙන විරෝධතාවක නිරත වූ පිරිසකට ‘ගෙල සිඳ දමන’ අයුරු පෙන්වීමෙන් පසුවයි. 70 වසරක නිදහස සැමරීමෙන් දෙදිනකට පසුව සිදු වූ ඔහුගේ ඉවත් කිරීම විවේචනය කරමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රශංසා කිරීමට සමහරුන් ක්‍රියා කරයි.

[ad id=”43600″]ඔහු මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳව ජගත් සංවිධාන යෝජනා කිහිපයකට මුහුණ දුන් රටක ආරක්ෂක හමුදා සාමාජිකයෙකු බව අප සිහියේ තබා ගත යුතුයි. මෙම චෝදනා නිසා 2015 තෙක් ජාත්‍යන්තරයෙන් ඈත් වෙමින් සිටි රටක ඔහු නියෝජිතයෙකි. අප ඉවසන සුළු සහ එක්සත් ජාතියක් බවට පෙන්වීමට ඔහුට අවස්ථාව තිබුණා.

ඔහු ඉන් අසමත් වුනා.

මැතිවරණයකට ආසන්න කාලයකදී සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනිකව නොසිතා, රටට සුදුසු දෙය වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව රජයට සුබ පැතිය යුතුයි. රටේ කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බව ඔහුගේ ඉවත් කිරීමෙන් පෙන්වා දෙයි. පුරවැසියන්ට හා විදේශිකයින්ට මරණ තර්ජන එල්ල වීමේ සමය අවසන්ව ඇත. නීතියේ ආධිපත්‍යය සැමට බලපායි.”

දිනුක් තබා තිබූ ෆේස්බුක් සටහන හා පසුව ඔහු යෙදූ ප්‍රතිචාර (Comments) පහත දැක්වේ.

-Srilankamirror

Related posts

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය

colombotoday

මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව නොමරා මැරුවා -හිටපු ජනාධිපති කියයි

colombotoday

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

ලාෆ් ගෑස් හිඟය ගැන ජනපතිගේ අවධානය

Admin

මහින්ද වෙනුවට කදිරගාමර් අගමැති කරන්න එදා මංගල සමග විමල් සිදුකල මෙහෙයුම

colombotoday