Colombo Today Local News

මානව හිමිකම් කවුන්සිලයට කේලාම් කියන්න ආනන්දි ශෂිදරන්, සිවාජිලිංගම් ඇතුළු දෙමළ සන්ධානයේ 7ක් ජිනීවා යති

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වී ශ්‍රීලංකාවට එරෙහිව කරුණු කීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මැති ඇමැතිවරුන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මාර්තු මුල් සතියේ දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටව යාමට නියමිතය.

මෙම කණ්ඩායමේ මූලිකත්වය උතුරු පළාත් ඇමැතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් ගන්නා බවත් සංචාරයට සහභාගී වන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥානම් මහතා වෙත ඉදිරි සතිය තුළ ඉදිරිපත් කරන බවත් එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් පැවසීය.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය ලබන 26 වැනි දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විදේශීය විනිසුරුවරුන්ගෙන් යුත් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකර ඒවාට සම්බන්ධ සියළු පාර්ශව හට දඩුවම් පැනවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී ඇත.

2015 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රීලංකාව පිළිබඳ සම්මත කරගත් යෝජනාව මෙරට තුළ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් ලක් රජය කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මේ නිසා ජිනීවා සැසිවාරයට සහභාගී වී විදේශීය නියෝජිතයින් සහ රාජ්‍යතාන්ත්‍රිකයින් හට ලක් රජයේ මෙම ක්‍රියා කලාපය පහදා දෙන බවත් සිවාජිලිංගම් තවදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරය පෙබරවාරි 27 වැනි දා සිට මාර්තු 23 වැනි දා තෙක් පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් මාර්තු 16 වැනි දා ශ්‍රීලංකාව තුළ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවද ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පෙට්‍රල් ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය හෙට සිට

Admin

නව වසරේත් 2දා සිට සුපුරුදු අඳුරේ…

Admin

දිගම්බරම්ගේ සහය

Admin

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

උතුරු නැගෙනහිර තවත් ඉඩම් අක්කර 3000ක් නිදහස් කිරීමට නියමිතයි – ආරක්ෂක අමාත්‍යාංශය

colombotoday

බ්‍රිතාන්‍ය රාජකීයන් ඉදිරයේදී හැසිරෙන්නේ මෙහෙමයි.. සියලු රටවැසියන්ට නිවේදනය කරේ..!

colombotoday