Colombo Today Local News

රාජකීය සිසුවෙකුට මාරාන්තික ප්‍රහාරයක්. ශාන්ත තෝමස් විදුහල මැරයාගේ තොරතුරු නොදෙයි

රාජකීය විදුහල හා ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහල අතර පසුගිය 18 වනදා එස්.එස්.සි. ක්‍රීඩාංගනයේ පැවති සීමිත පන්දුවාර තරඟ අතරතුරදී තරඟ සංවිධාන කමිටුවේ සාමාජිකයකු විසින් සිසුවකුට මාරාන්තික පහරදීමක් සිදුකර ඇති අතර සිසුවා ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කර තිබේ.

රාජකීය විදුහලේ ක්‍රීඩකයකු වන තෙවිඳු සේනාරත්න අර්ධ ශතකයක් වාර්තාකළ අවස්ථාවේදී, ඔහුට සුබ පැතීම සඳහා ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් ක්‍රීඩා පිටියට ගොස් තිබේ.

එම අවස්ථාවේදී තරඟ සංවිධායක කමිටුවේ සාමාජිකයකු වන සජිත් කුලරත්න නමැති ශාන්ත තෝමස් ආදී සිසුවකු, රාජකීය විදුහලේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලාගෙන අතින් පයින් පහරදී බිමපෙරලා පාදයෙන් හිසට ද පහරදී තිබේ.

සජිත් විසින් සිදුකළ ප්‍රහාරයෙන් අසාද්‍ය තත්ත්වටපත් පහරකෑ සිසුවාගේ එක් ඇසක පෙනීම අඩුවී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම සිසුවා මේවන විට ආසිරි ශෛල්‍ය වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර ශිෂ්‍යයාට පහර දුන් සජිත් නැමැත්තාට පොලිසියෙන් බේරීම සදහා දේශපාලන බලවතෙකුගේ සහය ලැබෙන බව වාර්තා වේ.

සජිත් කුලරත්න ශාන්ත තෝමස් විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බවට මේවනවිට කරුණු වාර්තා වන අතර ඔහු මෙලනියම් එයාර්ලයින්ස් (Millennium Airlines) ගුවන් සේවයේ ගුවන් නියමුවකු බවත් පැවසේ.

මේ අතර, සජිත් කුලරත්න මිලනියම් එයාර්ලයින්ස් (Millennium Airlines) ආයතනයේ සේවකයකු නොවන බව එම ආයතනය පොලිසියට පවසා ඇති අතර, ශාන්ත තෝමස් විදුහලෙන් පොලිසිය ඔහුගේ දුරකථන අංක ලබාගන ඇතත් එම අංක ව්‍යාජ වීමත් නිසා මොහුව සොයාගැනීමේ අර්බුදයකට පොලිසිය මුහුණ දී ඇත.

ශාන්ත තෝමස් විදුහලේ කිසිවකු මොහු සිටින තැනක් හෝ නොදන්නා බව පැවසුවත්, මොහු රාජකීය – ශාන්ත තෝමස් තරගයේ සංවිධායකයකු ලෙස කටයුතු කර ඇත.

Related posts

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

2023 අ.පො.ස. උසස් පෙළ ඇරඹෙයි

Admin

බේබද්දෝ ලංකාව ඉහළින්ම ඔසවා තබයි. ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයේ ලෝක වාර්තාව ලංකාවට

colombotoday

“උතුරේ හමුදාව වැඩියි.. එනිසා ජනතාවට නිදහස අඩුයි“ – සම්බන්ධන් අලුත් පදයක් වයයි

colombotoday

බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අබ්දුල් රාසික් ඇතුළු පිරිස පිළිබඳව නීතිපතිගේ උපදෙස් ඉල්ලයි

colombotoday

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday