Colombo Today Local News

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

3-madakalapu

ජාතික සංවිධාන කිහිපයක්  එකමුතුවෙන් ආරම්භකරන ලද ශාසනාරක්ෂක සභාව විසින් සිදු කරන මඩකලපු සංචාරය හෙට(3) වන දින සිදුකිරීමට සුදානම් බව එම සංවිධානය පවසනවා.

දිවයිනේ සියළු ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව හෙට(3) උදැසන 8.30 ට හබරණ පුරාණ ටැම්පිට විහාරයට (හබරණ හතරමං හන්දියෙන් අනුරාධපුර පාරේ 1km) පැමිණෙන ලෙස සංවිධායකයින් දන්වා සිටින අතර උදැසන ආහාරය එම විහාරස්ථානයේ සුදානම් කර ඇති බවයි ඔවුන් සදහන් කර සිටියේ.

කෙසේ වෙතත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් මෙම ගමන සිදු නොවෙන බවට Facebook හරහා අසත්‍ය ප්‍රචාරයක් ගෙනයමින් සිටින අතර, මේ සදහා ශාසනාරක්ෂක සභාවට සම්බන්ධ නොවූ, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි සංවිධායකයින් වැඩිදුරටත් පවසා සිටියේ.

Related posts

ත්‍රස්ත විරෝධි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල්යයි

Admin

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin

බන්ධනාගාරවල මත්ද්‍රව්‍ය අල්ලන්න අලුත් උපකරණ

colombotoday

මත්තලට ආ එකම ගුවන් ගමනත් නවතා දමයි

colombotoday