Colombo Today Local News

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක – ආචාර්ය ලලිතසිරි ගුණරුවන්

වත්මන් රජය රටේ සම්පත් තුට්ටු දෙකට විකුණා දැමීමේ ප්‍රතිපත්තියක නිරත බව ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

ඊයේ  (13) මරදාන සී එස් ආර් ශලාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය නිර්මාර්ල් රංජිත් දේවසිරි, කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, වමේ කේන්ද්‍රය වෙනුවෙන් එහි සම කැඳවුම්කරු චමීර පෙරේරා යන අය එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ ගුණරුවන් මහතා මෙසේද පැවසිය.

“ වත්මන් යහපාලන ආණ්ඩුව ගමේ කඩමණ්ඩියේ සතිපොළේ කෑලි ගාණට බඩු විකුණන විදිහමටම රටේ සම්පත් විකුණමින් ඉන්නවා.සතිපොළේ වෙලෙන්දා උදේට හිස් භුමියක් වුන පොළට එනවා ඇවිල්ලා කාගෙන් හරි ගත්ත කාගේ හරි බඩු ටිකක් අරං කොමිස් මුදලක් තමන්ට තියාගෙන ඒ බඩු ටික කාටහරි විකුණලා දාලා හවසට ගෝනිය අකුලගෙන ගෙදර යනවා.

මෙන්න මේ විදිහට තමයි මේ රටට කලින් කලට පත්වෙන පාලකයෝ අර හිස් පොලට එන වෙලෙන්දෝ වගේ රටේ සම්පත් ටික විකුණලා කොමිස් මුදල සාක්කුවේ දාගෙන ගෙදර යන්නේ. මේක ඉතිහාසයෙදිත් වුණා. වත්මන් යහපාලන ආණ්ඩුවත් කරමින් ඉන්නේ මේ ටික ම තමයි.”

විධිමත් තක්සේරු කිරීමකින් තොරව :

මෙම මාධ්‍ය හමුවට එක්ව සිටි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අදහස් දක්වමින්,
“ වත්මන් ආණ්ඩුව දක්ෂිණ සංවර්ධන මණ්ඩලය සහ සංවර්ධනය සඳහා වන ඒජන්සිය නමින් නීති විරෝධී , ක්‍රම විරෝධී, ව්‍යවස්ථාපිත නොවන ආයතන දෙකක බිහිකරගෙන ඉතා බිහිසුණු විදිහට මෙරට සම්පත් විකිණීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා” යයි පැවසිය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

” හම්බන්තොට වරාය සහ හම්බන්තොට ඉඩම් පවරා ගැනීම් කරන්නේ මේ යටතේ. අඩුම ගානේ ශුද්ධ වටිනාකම් පිළිබඳ ගණනය කිරීමක් වත් නොකර තමයි මේ හම්බන්තොට ඉඩම් ටික බදු දෙන්න සූදානම් වෙන්නේ.

මීට ඉහත ලාෆ්ස් ගෑස් සමාගමට හම්බන්තොට ඉඩමක් ඇමරිකන් ඩොලර් 50000 ක් වගේ මිලක් නියමකළා. නමුත් මේ 99 අවුරුදු බදු ප්‍රතිපත්තියට ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ එහෙම මේ ඉඩම් පිළිබඳ විධිමත් තක්සේරු කිරීමකින් තොරවයි.

ඒ නිසා මේක අමු අමුවේ රටේ සම්පත් මංකොල්ලකෑමක්. මේ මංකොල්ලයට මුවාවෙලා යහ පාලන ආණ්ඩුව බරපතල වැරදි මතවාදයක් ගොඩනගමින් ඉන්නවා මේ මහින්ද රාජපක්ෂ යුගයේ හම්බන්තොට වරාය හදන්න ගන්න ණය ගෙවන්න ඉඩම් බදුදෙනවා කියලා.

පට්ටපල් බොරුවක් :

මේක පට්ටපල් බොරුවක්. මොකද මේ ඉඩම් බදුදීමෙන් කරන්න පුළුවන් වෙන්නේ එක අවුරුද්දක ණය වාරිකයක් ගෙවන්න විතරයි. එතකොට මේ ආණ්ඩුව ඊළග අවුරුද්දෙ ණය වාරිකය ගෙවාගන්නේ කොහොමද? මොණරාගල ඉඩම් ටික විකුණලාද? ඊට පස්සේ අවුරුද්දේ පොලොන්නරුවේ ඉඩම් විකුණනවාද?“

මෙම මාධ්‍ය හමුවේදී ආචර්ය නිර්මාල් රංජිත් දේවසිරි, චමීර පෙරේරා යන අයද අදහස් දැක්වූහ.

 

Related posts

ජනපති සහ කියුබා ජනපති අතර එකඟතාවයක්

Admin

එන පිළිවෙල අනුව පාස්පෝට්

Admin

“මීළග ශ්‍රීලනිප මැයි රැලිය ඒකාබද්ධය සමගයි.. එජාපය කුජීත වුණා“ – ශ්‍රීලනිප ඇමතිලා කියන කතා

colombotoday

අපරාදයකට අරඇද්ද දෙකක් පොලිස් අත්අඩංගුවට

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

දිනේෂ් ඇතුළු නව දෙනෙකුට නොතීසි

colombotoday