26 C
Colombo
10 April 2025
Colombo Today Local News

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

“මට විශාල ආඩම්බරයක් තියෙනවා මේ අමාත්‍යංශය මට ලැබීම ගැන. මොකද මේ අමාත්‍යංශය මීට පෙර තිබුණේ අපේ අගමැතිතුමා යටතේ. අගමැතිතුමා තරුණ කටයුතු ඇමතිවරයා විදිහට 80 දශකයේ තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා.ඒ වගේම මට විශෘල වගකීමකුත් මගේ කර මත පැටවෙනවා. ඒ තමයි ඔබේ අනාගතය, මේ තරුණ දූදරුවන්ගේ අනාගතය ගොඩනඟන වැඩපිළිවෙල සැකසීම. ඒ ආඩම්බරයයි, වගකීමයි දෙකම මම විශෘල ගෞරවයකින් පිළිඅරගෙන ඔබත් සමඟ කටයුතු කරන්න තමයි දැන් මම සූදානම්වෙලා ඉන්නේ.” යැයි අමාත්‍ය සාගල රත්නායක යොවුන් පුරයේ දී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ව්‍යාපෘති කලමණාකරන, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක,

අද අපි මේ ඉන්න යොවුන් පුරයත් අගමැතිතුමාගේ සංකල්පයක්. එතකොට එතුමා බොහෝම තරුණ තරුණ කටයුතු අමාත්‍යවරයෙක්. මේ යොවුන්පුරයේ දී මම තරණ තරුණියන්ට කිව්වා ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතරතුර දී ඔවුන්ගේ අදහස් අපිටත් ලබා දෙන්න කියලා. අද මම කලින්ම ඇවිත් යොවුන් පුරයේ දිස්ත්‍රික්වලටත් , ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදුවන ස්ථානවලටත් ගියා . ඒ හැම අවස්ථාවකදීම තරුණ තරුණියන් මට කිව්වේ යොවුන්පුරය කියලා කියන්නේ කල්ඉකුත්වන ව්‍යාපෘත්යක් නෙවෙයි කියලයි.

ඇත්තටම කියනවා නම් අගමැතිතුමාට තරුණයින් සම්බන්ධයෙන් අනාගත දැක්මක් තිබුණා. ඒ දැක්මේ ප්‍රතිපල තමයි අපි අදත් අත්විඳින්නේ. ඒත් අපි දැන් අලුතින් හිතන්න ඕන. ඔබ සාකච්ඡා කරපු කරුණුත් අපි ඉදිරි වැඩපිළිවෙල සකස්කරද්දි යොදාගෙන ඒවා මත අපේ රටේ තරුණයන්ගේ අනාගත වැඩපිළිවෙල සකස් කරන්න.

මම මගේ කතාව අවසන් කරන්න කලින් කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමණි, ගරු අගමැතිතුමණි, තාරුණ්‍යය කියන්නේ ඉතාම රැඩිකල් කොට්ඨාසයක්. ඒ රැඩිකල් භාවය රජයක් වශයෙන් නිවැරදි මාර්ගයක ගෙනියන වගකීම අපිට තියෙනවා. මේ රැඩිකල්කම නිසාම තමයි 2015 ජනවාරි මාසෙත් 2015 අගෝස්තු මාසෙත් අපේ රටේ විශාල දේශපාලන වෙනසක් කරන්න තරුණ රැල්ලක් එකතු වුණේ.

පවුල් දේශපාලනයට තිත තියන්න ඕන. එක පවුලක් ගොඩනැඟෙන එකට තිත තියන්න ඕන. හැමෝටම අවස්ථාව දෙන්න ඕන සියලුම තරුණ අයට සම සේ අවස්ථා දෙන්න ඕන කියලා තමයි එදා සමස්ත තාරුණ්‍යය අපිත් එක්ක ඒ රැඩිකල් ගමනක් යන්න එකතු වුණේ. ඒ නිසා තමයි මම කියන්නේ අපේ රටේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා. ඒක වෙනස් කරන්න විතරක් නෙවෙයි දේශපාලනය මොකක් වුණත් තරුණයින්ගේ අනාගතය සුරක්ෂිත වෙන විදිහට සිස්ටම් එක අපි හදන්න ඕන.

Related posts

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

කොට්ටාව සිට පිටකොටුව දක්වා පරිසර හිතකාමී Site Hanging Car System ප්‍රවාහන සේවයක්

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

පොට්ටුඅම්මාන් ගැන හිටපු කොටි සාමාජිකයන්ගෙන් හෙළිදරව්වක්…

colombotoday

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday