Colombo Today Local News

නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයි

hisbullah

අරම්බදී, මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පවත්වාගන ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නැගනහිර පළාත් කාර්යාලය අමාත්‍ය හිස්බුල්ලා මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මකවන වන පරිදි අම්පාරට මාරු කර තිබෙනවා.

නැගනහිර පළාතේ පුරාවස්තු විනාශය ඉතා සීග්‍රයෙන් සිදුවන අතර ඉපැරණි ගල්කණු නිවෙස්වල පඩිපෙල් සදහා යොදාගත් අවස්ථා මෙන්ම ලිප් සැදීම සදහා යොදාගැනීම්ද වාර්තා වී තිබුනා. ඒ අතරතුර පුරාවිද්‍යා කාර්යාලය පළමුව අම්පාරටත් ඉන් අනතුරුව කාන්තන්කුඩියටත් මාරු කර දමන ලෙසයි හිස්බුල්ලා ඇමතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් වරයකු වන ගාමිණී සෙනරත් මහතාට නියෝග කර ඇත්තේ.

මීට සති කිහිපයකට පෙර ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නැගනහිර පුරාවිද්‍යා ස්ථාන ගැසට් කිරීම සදහා රුපියල් මිලියනයක මුදලක් වෙන්කර ඇති අතර එම මුදල් යොදවාගන පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කෙරෙතියි බියෙන් මෙම කාර්යාල වෙනස් කර හිස්බුල්ලා අමාත්‍යවරයාගේ උවමනාව පරිදි පාලනය කිරීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කරන ලෙස නැගනහිර පළාතේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සිදුකල ඉල්ලිමක ප්‍රතිපලයක් වශයෙන් මෙම කාර්යාල වෙනස් කිරීම සිදු කරන බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් සදහන් වන්නේ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් චාල්ස් මහත්මිය නැගනහිර පළාතේ පුරාවිද්‍යා කාර්යාලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවත්වාගන යාමට කැමැත්ත පළකර තිබෙද්දිත් අමාත්‍යවරයා තම බලය අනිසි ලෙස බාවිතා කරක්මින් නැගනහිර පුරාවිද්‍යා නටබුන් විනාශ කිරීමේ කාර්යයේ තිරය පිටුපස කාර්යය සිදු කරමින් සිටියි.

අමාත්‍යවරයාගේ නියෝගයට අනුව පුරාවිද්‍යා සහකාර අද්‍යක්ෂක වරයෙක් නිකුත්කළ ලිපිය

IMG_3494

Related posts

කැබිනට් ඇමතිකමක් දී මහින්ද මාව නවත්තන්න හැදුවා.. චතුර තවත් ලොකු රහසක් හෙළි කරයි

colombotoday

අගමැති රනිල්ගේ නිවස ගිනිතැබූ 3ක් අත්අඩංගුවට – තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

colombotoday

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday

සිලින්ඩර් වේදිකාවේ මහින්දට තුති පුදයි

Admin

ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයි

colombotoday