Colombo Today Local News

මුස්ලිම් පාසල් 5ක් තිබෙද්දී තවත් එකකට ඉඩම් දීලා – වැලිමඩ උණුසුම් වෙයි – ඌව මහඇමතිට විරෝධය

රාජ්‍ය ආයතන 14ක පවත්වාගෙන යෑම සදහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නිර්දේශ කර තිබූ ස්ථානයක් මුස්ලිම් පාසලක් වෙනුවෙන් ලබාදීමට ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා විසින් තීරණය කිරීමත් සමගම ප්‍රදේශයේ යම් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා.

අදාළ ඉඩම උමාඔය ව්‍යාපෘතියෙන් අවතැන්වූවන් සදහා කඩ කාමර ඉදිකිරීමට ලබාදෙන ලෙස ඉල්ලුම් කළද දේශපාලන අධිකාරිය විසින් ඊට ඉඩ ලබා දී නැති අතර එසේ තිබියදී තවත් මුස්ලිම් පාසලක් සදහා මෙම ඉඩම ලබාදීමට කටයුතු කර ඇති බවත්, දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් වැලිමඩ මුස්ලිම්කරණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ඊයේ (3) උදෑසන දඹවින්න හද්දාවුල ප්‍රදේශයේ මෙම මුස්ලිම් ආරාබි විද්‍යාලයකට මුල් ගල් තැබීමට එරෙහිව ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හට ගැනුනි. ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාවය හේතුවෙන් මුල් ගල් තැබීම අත්හැර දැමීමට ප්‍රධාන අමාත්‍යවරයට සිදුවුණු බවයි වාර්තාවන්නේ.

Related posts

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

Admin

කම්කරුවන් අතින් ගැහෙන සහ ගැලවෙන කම්කරු දින දේශපාලන කටවුට්

colombotoday

නඩුවකට අදාළ ගිනි අවියක් විකිණීමට තැත් කළ බදුල්ල මහෙස්ත්‍රා අධිකරණ සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

මෙවර මැයි දිනය වෙනුවෙන් කිසිදු වැඩසහනක් නෑ. | සියලු දේශපාලන පක්ෂ එකඟ වෙයි.

colombotoday

හිර බතත් බරක් වෙයි

colombotoday