Colombo Today Local News

තරුණසේවා සභා, බෙල්වුඩ් ආයතනයත් කෑලි කර විකුණන්න යයි…

ජාතික තරුණ සේවා සභාවට අයත්, මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය අලුත්වැඩියා කිරීමේ මුවාවෙන් ගලවා ඉවත් කිරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් තිබේ.

ස්‌කොට්‌ලන්තයෙන් ගෙන්වන ලද යකඩ කණු බාල්ක යොදා සවි ශක්‌තිමත් ලෙස ඉදිකොට ඇති මෙම ගොඩනැඟිල්ලේ ඉහළ මාලයන් හි තට්‌ටු සහ තරප්පු පෙළ සවි ශක්‌තිමත් ලීයෙන් එංගලන්ත ජාතිකයන් විසින් තනා තිබේ. එම ලී යකඩ සහ මෙම ගොඩනැඟිල්ලෙහි සවිකොට තිබෙන රුපියල් කෝටි 3.5 ක්‌ වටිනා අකුණු සන්නායකය ඇතුළු ඇලුමිනියම් තහඩු ස්‌ලයිඩ් ජනේල විකුණා දැමීමේ රහසිගත සැලසුමක්‌ ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් අනතුරුව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පෙරේදා (2 දා) සිදුකළ භාණ්‌ඩ හිස්‌ කිරීමේ කටයුතු සොයා බැලීමට එහි ගියද, එම සීමාවට හෝ ඇතුළුවීමට ඉඩක්‌ ස්‌ථාන භාර නිලධාරි තැන හෝ ආරක්‍ෂක අංශ ලබා නොදුන්හ.

ඉකුත් පෙබරවාරි 01 වැනි දින සහ 02 දින මෙම ගොඩනැඟිල්ලේ තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ, අඳන්, අල්මාරි, ඇතුළු සෞන්දර්ය උපකරණ සියල්ල ඉවත් කරනු ලැබිණි.

දිවයින

Related posts

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

එන වසරේ පටන් පාසල් නිල ඇඳුම රජයෙන් නෑ… ඒ වෙනුවට අමුතු වැඩක් කරන්න හදයි

colombotoday

“විශ්ව බුද්ධා” ලෙස පෙනී සිටි සිවුරු දැරූ පුද්ගලයාට ඇප

Admin

ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !

colombotoday

රන්ජන් යලි අමාරුවක

Admin