ArticlesColombo Today Local News

එඩ්වඩ් හා ඇල්ලේපොල මහ නිළමේ…

එදා දහ අටේ විමුක්ති අරගලයේදී කැප්පෙටිපොල මහ නිලමේ හා උරෙනුර ගැටෙමින් සුද්දන්ට මහත් භීතිකාවක් එල්ල කිරීමට ඇල්ලේපොල නිලමේ සමත් විය.කැරැල්ල අසාර්ථක් වීමත් සමග බඹරැන්දේ ගල් ගුහාවක් තුලදී ඇල්ලේපොල නිලමේ අත් අඩංගුවට පත්විය.

මහනුවර ඊනියා යුද්ධාධිකරණයේදී උන්ගේම චෝදනාවලට උන්ම වැරදිකාරයා ලෙස තීන්දු කරමින් ඇල්ලේපොල නිලමේව 1818 සැප්තැම්බර් 27 උදේ 8.00 ට එල්ලා මැරීමට නියම විය.

මෙවැනි අමන තීන්දුවකින් නොසැලුණු ඔහු “මේ මාතෘභුමියේ මෙතෙක් පැවති රාජ්ද්‍රෝහීන්ට දුන් සිංහලේ සාම්ප්‍රදායික දඬුවම වූ හිසගසා කෑම ලබා ගැනීමට කැමති විය.”

ඒ අනුව රොබට් බ්‍රවුන් රිග් ගේ අත්සනින් යුතුව 27 වෙනිදා උදේ ඇල්ලේ පොල නිලමේගේ හිස ගසා දැමීමට මගුල් මඩුව පෙනෙන ඉසව්වේ තැනිතලා බිමක් යොදා ගැනුනි. සිංහලේ මිනිසුන් නොසිටියද බොහෝ සුද්දන් මෙම අවස්ථාව දැක බලා ගැනීමට යුහුසුළු වූ බව සඳහන්ය.එදින උදෑසන පටන් මහ වැහි ඇද හැලෙමින් නුවර වැවද පිටාර ගිය බව පැරණ්නේ සඳහන්ය.

ඉංග්‍රීසින්ගේම වාර්තාවලට අනුව ඇල්ලේපොල නිලමේ හිස ගසා දැමීමට පෙර…

“සිංහලේ නිදහස යළි දිනාගැනීමට සිංහලේ නායකයන් සම්ඟ මම සටන් බිමට බැස්සෙමි.මව් බිමේ විමුක්තිය ලබා ගැනීමටත් එමගින් ජාතියේ ස්වාධීනත්වය දිනා ගැනීමටත් අපි දිවුරා ගිවිස ගත්තෙමු. එහෙත් එම පොරොන්දුව පරිදි මාවෙත පවරන ලද එම වගකීම ඉටු කිරීමට අපොහොසත් වීමි.

ඒ අනුව තව නොබෝ වේලාවකින් මා මිය යන්නේ පොරොන්දු බිඳ දැමූවකු ලෙසිනි.පොරොන්දු කඩකල අයෙකුට ගෞර්වාන්විත භූමදානයක් අත් නොවිය යුතුය.ඒ නිසා මා මරණයට පත්කල සැණෙන් මිනිය කැබලිවලට කපා බලුකපුටන්ට ආහාර පිණිස මහමඟ අද්දර දමව්”

යනුවෙන් සිංහ නාද කළහ.අනතුරුව එතුමා චතිකයකින් තොරවම කය සමබර කොට වධකයාට පහසුවන පරිදි දණගසා හිස නැමීය. අතිශය පළල් අසිපත ඉහළ ගොස් පහලට පැමිණියද සිදුවූයේ අනිකකි. සුද්දන්ගේම වර්තාවල පරිදි…

වධකයාගේ කඩු පහරින් ඇල්ලේපොල මහ නිළමේගේ ගෙල හරහා මහත් තුවාලයක් ඇතිවිය.එය අතිශය බිය ජනකය.පුදුමයක මහත ! කඩුපත දෙකට කැඩී ගොස්ය.

කට ඇරුණු තුවාලයෙන් රුධිරය විදිදීත් කෙඳිරියක් හෝ නොනැඟූ මහ නිලමේගේ කය බිම නොවැටී ගැහෙන්නට විය.  නැවත කඩුවක් සොයා හිස කඳින් වෙන් කරන තුරුම එම බියකරු අවස්ථාව එලෙසම පැවතිණි… කෙසේ උවත් මළ සිරුර කැබලිවලට කපා මහමග නොදැමූ අතර එය වළදමන ලද බව වාර්තාවල සඳහන්ය..

මේ ඉතිහාසයේ අප්‍රකට ජාතික වීරයන්ය.ඔවුන් එදා අසාධාරණයට අයුක්තියට එරෙහිව මේ මාතෘභූමියේ ලෙ හැලුවේ මාතෘප්‍රේමය නිසාමය. මව්පොළවේ මව් ගුණය සාර වී ඒ හැලූ ලේවල බලයෙනි. මාතෘ භූමියේ සාරයෙන් අංශුමාත්‍රයකුදු ශරීරගත නොවූ කල්ලතෝනීන් විසින් තවමත් සුද්දාට කත් අදිත්.එවුන් හෙට දිනයේ ඇඳිවතද ගලවා නැවත ලක්මැණියන් දූෂණය කිරීමට බාර නොදේවියැයි කාට කිව හැකිද?

රවී මහසෙන් ගුණවර්ධන

Related posts

“අපේ ළමයින්ටත් පන්න පන්න ගැහුවා.. අපි ඉන්නේ බයෙන්” ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ගැන කොටහේ‍නේ හින්දු ජනතාව කියයි

colombotoday

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

colombotoday

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

අවුරුදු 60 සුද්දි විවහ කරගෙන, මිලියන 225ක් වංචා කර, ජිවිතෙන් වන්දි ගෙවූ ප්‍රියන්ජන ගැන සුද්දි ලෝකෙටම කියයි

colombotoday