World

ඉන්දියාවේ ගමකට අශූචි ගුලියක් ගුවනින් වැටෙයි.. වෙනත් ලොවකින් ආ වස්තුවක් කියා ගැමියෝ පුද පූජා පවත්වති

උතුරු ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්තයේ ගමකට ගුවනින් අයිස් ගුලියක් ඇද වැටීමෙන් ඇතිවූ සිදුවීමක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය බලධාරීන් පවසන්නේ මෙය ගුවන් යානයක වැසිකිළියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් බවයි.

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි ‘ෆෂිල්පූර් බද්ලි’ නම් ගම්මානයට වැටී ඇත. එම ද්‍රව්‍ය වෙනත් ලෝකයකින් කඩා වැටුණු වස්තුවක් යැයි ගම්වැසියන් සලකා ඇති අතර පුද පූජා පැවැත්වීමටද උත්සාහ කර ඇත.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇති අතර, ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.

එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.

Related posts

රුසියාව “බලශක්ති ත්‍රස්තවාදයට”යොමු වන බවට යුක්‍රේන ජනාධිපතිගෙන් චෝදනාවක්

Admin

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

චීන ජාතික කොඩියට අපහාස කළ හොංකොං හි ප්‍රමුඛ ශිෂ්‍ය ක්‍රියාධාරි තරුණයා ට සිරදඬුවම්

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

පෙම්වතිය මරා කොටස් 35කට කපා ශීතකරණයක දමලා – මාස 6කට පසු සුලමුල හෙළිවෙයි

Admin

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday