Colombo Today Local News

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරකට පත්වන බව ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතා යාපනයේදී පැවැසීය.
මැතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තවදුරටත් පවසා ඇත්තේ මේ අනතුර සම්බන්ධයෙන් වහාම පියවරක් ගැනීමට සියලු දෙමළ දේශපාලන පක්ෂ එකමුතු විය යුතුව ඇති බවයි.

මහවැලි ජලය තවමත් උතුරට පැමිණ නොමැති පරිසරයක මුලතිව් දිස්ත්‍රික්කයට අයත් ඉඩම් අක්කර 2600ක් පමණ සිංහල ජනතාවට ලබාදී ඇති බවත් එම ඉඩම් සියල්ලම ලබාදී ඇත්තේ උතුරු පළාතට කිසිම සම්බන්ධයක් නොමැති දකුණේ පවුල්වලට බවත් ඔහු පවසයි.
වැලිඔය පළාත සම්පූර්ණයෙන්ම සිංහල ජනාවාස බවට පත් කොට ඇති බව කියන ඩග්ලස් දේවානන්දා මහතා මීට පෙර ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් යනුවෙන් දෙමළ ජාතිකයන්ට අයත්ව තිබූ ඉඩම්ද දැන් සිංහල වැසියන්ට බෙදා දී ඇති බව කියා සිටී.

මහවැලි ජලය උතුරට පැමිණීමට පෙර වවුනියාව දිස්ත්‍රික්කයේ කැලෑබෝගස්වැව ප්‍රදේශයට සිංහල පවුල් 7000ක් පැමිණ ඇති බව කියන දේවානන්දා මහතා මේ තත්ත්වය උතුරේ දෙමළ ජනතාවගේ අනාගතයට විශාල අනතුරක් බවද පවසා ඇත.

මීට අමතරව මල්වතු ඔය සංවර්ධනය කිරීම නිසා උතුරේ සෙට්ටිකුලම, මඩු ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක ඉඩම් අක්කර 10,000ක් පමණ දෙමළ වැසියන්ට අහිමි වන බවද ඔහු කියා සිටියි.

Related posts

අක්ෂි කාච වංචාවක් ගැන සෞඛ්‍ය ලේකම්ට එරෙහිව පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

දිඹුලාගල ප්‍රාදේශිය සභා අයවැය වැඩි ඡන්ද තුනකින් සම්මතයි

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

colombotoday

පුරවැසි චෝදනා සුස්සක් වෙයි… ගෝඨාභය යුවලම මෙරට පුරවැසියන් ලෙස ඡන්දය ප්‍රකාශ කරයි !

colombotoday